7 වැනි ඉන්දීය සාගර සමුළුව ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අද(09) ආරම්භ වෙයි.එහි ප්‍රධාන දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වනු ඇති.
මෙවර සමුළුවේ තේමාව “ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා” යන්නයි.
ඉන්දියා පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා ඊට සහභාගි වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.