ඊයේ (11) දිනයේ සවස 30 හැවිරිදි ඇය මිය යාමට පැය කිහිපයකට පෙර සිය මිතුරන් දෙදෙනෙකු සමග පෞද්ගලික සාදයකට සහභාගි වී තිබෙනවා.
එහිදී ඇය මත්පැන් පානය කර ඇති බව සඳහන් විය.පසුව ඇය එම නිවසේ නාන කාමරයට ගොස් ඇති අතර, දිගු වෙලාවක් යන තුරු නැවත පැමිණ නැත.ඒ හේතුවෙන් ඇයගේ මිතුරියන් ඇය ගැන සෝදිසි කර තිබෙනවා.
එහිදී පාර්ක් බෝරම් සිහිසුන්ව ඇද වැටී සිටින අයුරු මිතුරියන් දැක ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
මේ වන තෙක් ඇයගේ මරණයට නිශ්චිත හේතුවක් හෙළි වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ අතර, ඇයගේ හදිසි වියෝව ලොව වටා ඇයගේ රසික රසිකාවියන් මහත් දුකට සහ කම්පාවට පත් කර ඇති බව ඇයගේ නියෝජිතායතනය වන XANADU එන්ටර්ටේන්මන්ට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
2010 වසරේ දී දකුණු කොරියාවේ පැවත්වූ සුපර් ස්ටාර් K2 තරගයට සහභාගි වූ පාර්ක් බෝරම් සිය දක්ෂතාවයන්ගෙන් ප්රේක්ෂකයින් විශ්මයට පත් කළා ය.
පසුව ඇය 2014 වසරේ දී “Beautiful” නම් ගීතය එළිදක්වමින් පොප් සංගීත ක්ෂේත්රයට ඇතුළු වුණ ඇය එතැන් සිට අද දක්වා පැමිණි සංගීත ජීවිතය තුළ බෝරම් සම්මාන කිහිපක් දිනා ගැනීමට සමත් විය.
කෙසේ වෙතත්, එපමණක් නොව ඇය නව ගීතයක් ද එළිදැක්වීමට සුදානමින් සිටි අතර ඒ ඇගේ සංගීත ජීවිතයේ 10 වන සංවත්සරය වෙනුවෙන් ය.