මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසන්නේ දැනට පවතින තත්වය මත ජූලි 17 න් පසු ජනාධිපති මැතිවරණයට අවශ්‍ය නාමයෝජනා කැඳවීමේ දිනය නිවේදනය නිකුත් කිරීමට කොමිසම වෙත බලය ලැබෙන බවයි.

එදින සිට දින 16ත් 21ත් අතර දිනයක නාමයෝජනා කැඳවන බවයි ඔහු කියන්නේ.

නාමයෝජනා කැඳවන දින සිට සති 4 – 6 අතර කාලසීමාව තුළ ඡන්ද විමසීම සිදු කරන බව සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

දැනට තිබෙන තත්වය අනුව කිසිදු බාධාවකින් තොරව මැතිවරණය පැවැත්විය හැකි බවත් ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 අතර පැවැත්විය යුතු බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here