පසුගිය 08 වැනිදා චෙංගලඩි ප්‍රදේශයට පැමිණි ජනාධිපතිවරයාට එරෙහිව ගොවීන් විසින් උද්ඝෝෂණයක් ද සිදුකළා.
එම විරෝධතාවය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුගේ නිවසට ගිය මඩකලපුව පොලිසියේ නිලධාරියෙකු පැමිණ පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
පොලිස් නිලධාරියා විසින් අදාල මාධ්‍යවේදීයාගේ මවගේ, පියාගේ ,සහෝදරයාගේ විස්තර සහ ඔහු උපන් දා සිට ඉගෙන ගත් පාඨමාලා පිළිබඳ විස්තර ඇතුළු සියලු විස්තර සටහන් කරගෙන තිබෙන බව සඳහන් .