අද (20) දහවල් ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹදී පැවැත්වූ විරෝධතාව අතරතුරදී පුද්ගලයින් 29 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ළහිරු වීරසේකර සහ දුමින්ද නාගමුවද එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් සහ කාන්තාවන් තුන් දෙනෙක් සිටින බවද වාර්තා වෙනවා.
මෙම සිදුවීමේදී පොලිස් නිලධාරීන් 5 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.