ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය අතර ඒ සඳහා එකඟතා ගිවිසුමකට අත්සන් කළ බවයි.

එම එකඟතාවය අනුව මෙරට ක්‍රීඩකයින්, ක්‍රිකට් කණ්ඩායම්, පුහුණුකරුවන් සහ ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩල සාමාජිකයින් ජපානයට යැවීමටත් එරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙරටට පැමිණ වැඩිදුර පුහුණුවීමේ අවස්ථාවත් හිමිවනවා.

මෙරට කණ්ඩායම් ජපානයේ පැවැත්වෙන T20 තරගාවලි සඳහා යැවීමට නියමිත බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එසේම LPL කණ්ඩායම් සමග පුහුණුවීමට ජපාන ක්‍රීඩකයින්ට ද අවස්ථාව හිමිවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here