ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු ඇතුලු පොලිස් නිලධාරීන් 18 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ජාතික පොලිස් කොමිසමේ තීරණය පරිදි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් හා නව පත්කිරීම් වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිතුමා නියෝග කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු හා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.
එම කාර්යාලය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකුද හා පොලිස් අධිකාරිවරයෙකුද ස්ථාන මාරුවීම් හා උසස්වීම් ලබාදී ඇති නිලධාරීන් අතර වන බවයි.
ගල්කිස්ස කොට්ඨාසභාර නිලධාරී තනතුරේ කටයුතු කල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඊ.එම්.එම්.එස්.දෙහිදෙණිය මහතා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස පත්කර ඇතැයිද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.