ජාතික ජිම්නාස්ටික් සංගමය දෙවන වරට සංවිධානය කරන ලද ජිම් ෆෝ ලයිෆ්ස් තරගාවලියේ ජයග්‍රාහකයින් වෙත ජය සංකේත ප්රදානය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙවර තරගාවලියට පිරිමි කාන්තා සහ මිශ්‍ර කාණ්ඩ තුන යටතේ කණ්ඩායම් පනස් හයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1580ක් පමණ සහභාගී වූහ.
ජාතික ජිම්නාස්ටික් සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත, ලේකම් උදාර ලියන්වල තරගාවලි කමිටු ප්‍රධානී මිල්රෝයි ජයමාන්න යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සහභාගිවු කණ්ඩායම්.
01.පිරිමි – 06
- මිශ්‍ර කණ්ඩායම් – 24
- කාන්තා 12
සමස්ථ පිරිමි ශුරතා .
- මිත්‍රත්ව ක්‍රීඩා සමාජය කොළඹ
02.ඉසිපතන විද්‍යාලයේ.
- අශෝක විද්‍යාලය.
කාන්තා ශුරතාව.
01.මහමයා බා.වි. කඩවත .
- විශාකා බා.වි. සපුගස්කන්ද .3. හොරණ සෞන්දර්ය ඒකකය .
මිශ්‍ර අංශය. - පොලොන්නරුව දිස්ත්‍රික් සංගමය .2. විනස් ක්‍රීඩා සමාජය කොට්ටාව.
- ධරමාලෝක වි. කැලණිය. තවද සමස්ථ පිරිමි ශූරතාවය හා සමස්ථ තරගාවලියේ වැඩිම ලකුණු හිමි සමස්ථ ශූරතාවයද කොළඹ මිත්‍රත්ව ක්‍රීඩා සමාජය විසින් දිනාගන්නා ලදි.