ඉකුත් මැයි මස 30 වන පීඩෘ වතුයායට අනිසි ලෙස ඇතුල්වී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් , ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට (22) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් තීන්දුවට විරෝධීය පාමින් ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන වතු සේවක එකමුතුව අද (23) දින වැඩ වර්ජනයක නියලී සිටින බව වතු සේවක වෘත්තිය සමිති නියෝජිතයන් සඳහන් කරයි. 

නුවරඑළිය පොලිසිය විසින් මුල් වරට ඊයේ (22) දින අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී කැලණි වැලි වතු සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ  , ජ්‍යෙෂ්ඨ නීතීඥ පාලික සුභසිංහ මහතා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේස් ගයාන් යන නීතිඥවරුන් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් සිදුකළ ඉල්ලීමට අනුව සිද්ධිය හා සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් වන අමාත්‍ය ජීවන් තොන්ඩමන් ඇතුළු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අගෝස්තු මස 26 වන දිනට නැවත නඩුව කැඳවීමේ වාරය සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත් ජයමිණී අඹගහවත්ත මහතා නුවරඑළිය පොලිසියට නියෝග කිරීමත් සමඟ වතු සේවකයන් අද (23) දින මෙලෙස සේවයට වාර්තා නොකර වැඩ වර්ජනයක නියැලී සිටින බවක් දක්නට ලැබිණ .

මෙම වැඩ වර්ජනය සිදුවීම සම්බන්ධව ආන්දෝලනයට තුඩු දුන් කැලණි වැලි වතු සමාගමට අයත් පීඩෘ වතු යාය , මාගස්තොට ඉහල වතුයාය , මාගස්තොට පහල වතුයාය , ස්ක්‍රබ් වතුයාය , නේස්බි වතුයායා , මූන්ප්ලේන් වතුයාය ඇතුළු වතු හතක  වැඩ වර්ජනය ක්‍රියාත්මක විය.

වැඩ වර්ජනයට සහයෝගය දක්වමින් තේ දළු නෙලන වෘත්තිකයන් , කිරුම් මිනුම් සිදු කරන වෘත්තිකයන් ඇතුළු සුළු සේවකයන් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් අද දින සේවයට වාර්තා කර නොමැති බව වෘත්තීය සමිති නියෝජිතයින් අවධාරණය කරයි. 

වැඩිදුර අදහස් ලංකා කම්කරු කොංග්‍රසයේ සදතැන්න වතුයායේ වෘත්තීය සමිති නායක ගෝවින්ද සාමි , මගස්තොට පහළ කොටස ලංකා කම්කරු කොංග්‍රසයේ වෘත්තීය සමිති නායක සුරේස් කුමාර් මහතා ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයක් අදහස් දක්වමින් මෙසේද කීය , 

ජීවත් තොණ්ඩමන් අමාත්‍යවරයා අපේ කෙනෙක් එයා කතා කළේ අපි වෙනුවෙන් අපි වෙනුවෙන් කතා කරපු අමාත්‍යවරයා වෙනුවෙන් එයාව අත්අඩංගුවට විරෝධය පාමින් සංකේත වැඩ වර්ජනයක් කරා මින් ඉදිරියට අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත්තොත් අපි සියලුම වතු සේවකයන් එකතු කරගෙන නුවරඑළිය නගරය වටලලා දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා අමාත්‍යවරයා  නිදහස් කරන තුරුම යනුවෙන් ඔහුන් පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here