මෙවර අපොස උසස් පෙළ ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ පහන්මා උපනි ලිනෝරා සිසුවිය සමත් වී ඇත.
ගාල්ල දංගෙදර ප්‍රදේශයේ පදිංචි ඇය පාසලේ සිටි ඉතාමත්ම දක්ෂ සිසුවියක් බවත් මෙවන් ජයග්‍රහනයක් බලාපොරොත්තු වූ බවත් ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පතිනි චාන්දනී උඩකුඹුර මහත්මිය පවසන්නීය.
ශිෂ්‍යත්ව විභාගයෙන්ද ඉතාම ඉහළින් සමත්ව, අපොස සාමාන්‍ය පෙළ දිවයිනේ දෙවන ස්ථානය ලබාගෙන මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දී ඇත.
සිය පවුලේ දෙවන දරුවා වන ඇයගේ දෙමාපියන් දෙදෙනාම ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන්ය.
(හිනිදුම රවීන්ද්‍ර ලියනගේ)