ජෙලිෆිෂ් මත්ස්‍යයින් ස්පර්ශවී ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් පානදුර මුහුදේ දියනාමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
පොලීසිය පැවසුවේ අදාළ පිරිස ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට යොමු කළ බවයි.
මෙම මත්ස්‍ය විශේෂය ශරීරයේ ස්පර්ශවූ ස්ථානයන්හි රතුපැහැ ගැන්වීම, කැසීම් සහ වේදනාවක් දැනීම වැනි රෝග ලක්ෂණ මතුව තිබේ.
මුහුදු ජීවින් විශේෂයක් වන ජෙලි ෆිෂ් මැයි සහ අගෝස්තු අතර මාසවල නොගැඹුරු මුහුදේ සිටිනු දක්නට හැකියි.
මුහුදු රළ පෑගීම, කිමිදීම සහ වෙරලේ ගැවසීමේදී ඒ පිළිබඳ අවදානයෙන් සිටිම වැදගත් බව පරිසරවේදීන් දැනුම් දෙයි