වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ මිනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (02) ප්‍රතිකේෂ්ප කලා.
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු ඇප දීමට තරම් සුවිශේෂි නැතැයි උන්වහන්සේගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.
මාධ්‍ය හමුවකදී ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාවට වරදකරු වූ ඥානසාර හිමියන්ට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා රුපියල් ලක්ෂයක දඩයකටද මීට පෙර අවස්ථාවක යටත් කෙරිණී.