හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, ඔහු දියරයක් ඇඟට ගල්වා ගනිමින් මෙම ගිනිතබා ගැනීම සිදුකරගෙන ඇති බවයි.
ගිනි තබා ගැනීමට හේතුව කුමක්ද යන්න අපැහැදිලි බව පොලීසිය පවසා තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජූරි සභාවට ඉදිරිපත් වන අවස්ථාවේදී මෙම ගිනි තබා ගැනීම සිදුකර ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා මෙම ගිනිතබා ගැනීමේ සිද්ධිය අතරතුර එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වනවා.
ලබන සඳුදා දිනයේ (22) මෙම නඩුවේ ආරම්භක ප්‍රකාශ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ගිනි තබාගත් පුද්ලගයා ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.