විද්‍යුත් වීසා නිකුත් කිරීම සඳහා පැවති ක්‍රමවේදය වෙනස් කරමින්, විදෙස් සමාගම් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් නව ක්‍රමවේදය ආරම්භ කිරීමට පෙර පැවති ක්‍රමවේදය යටතේ වීසා සේවා ක්‍රියාත්මක කිරීම සිදු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී නියම කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, එම්.ඒ සුමන්තිරන් යන මහත්වරුන් ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර පෙත්සම් සලකා බැලූ අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.
ගුවන් තොටුපොළ ආශ්‍රිතව ක්රියාත්මක්ක වීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මඟින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලෝකයට වි වෘ ත වීමේ අවදානමක් මතු වන බැවින් එම ක්‍රමවේදය බල රහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණා.
මෙම තත්වය තුළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බව පවසන පෙත්සකරුවන් ඉල්ලා සිටියේ පෙත්සම් විභාගයට අවසර ලබා දෙමින් අමාත්‍ය මණ්ඩල තීරණ වළවක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
පෙත්සවල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශව 32ක් ඇතුළත් පෙත්සම් ඔක්තෝබර් 04 කැඳවීමට නියමිතයි.
ඒ අනුව විද්‍යුත් වීසා පැවති ක්‍රමවේදය වෙනස් කරමින් විදෙස් සමාගම් ඇසුරුම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.