මාතලේ, විල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුවේ ඊයේ (25) රාත්‍රීයේ සේවා මුර රාජකාරියේ යෙදී සිටි නිලධාරියෙකු සතු T 56 ගිනි අවිය පැහැරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.
එහිදී රාත්‍රී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියා සතු ගිනි අවිය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන මේ වනවිටත් පැති කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කළා.