රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක් ලබාගෙන රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැරීම නිසා සංචාරක හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇතැයි ජාතික රූපවාහිනී සංස්ථාව පවසනවා.

මෙම හිඟ මුදල ගෙවන ලෙස කිහිප වතාවක්ම ඩයනා ගමගේ මහත්මියට දැනුම්දී තිබුණද විවිධ හේතු දක්වමින් ගෙවීම පැහැර හැර තිබෙන බවත් සඳහන්.

නවගමුව පෙරහර සජීවී ලෙස ප්‍රචාරය කිරීම සඳහා ඇය මෙම විකාශනය ලබා ගෙන ගත්තේ ඒ සඳහා වැය වන සියලුම මුදල් තමා පෞද්ගලිකවම ගෙවන බවට පොරොන්දු වෙමින් ලිඛිත ලියවිල්ලක්ද ඉදිරිපත් කර ඇති බවත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here