

Politics
ඩිජිටල් ආර්ථික පරිවර්තනය, තෝරාගැනීමක් නොව අවශ්‍යතාවයක්
ඩිජිටල් ආර්ථිකයට පරිවර්තනය වීම තෝරාගැනීමක් නොව අවශ්‍යතාවයක් බවත්, ඒ සඳහා පළමුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් වැඩි දියුණු කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටක් ලෙස තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා යම් කාලයක් ගත වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අධ්‍යාපන හා වෙළෙඳපොළ උපායමාර්ග යන ක්ෂේත්‍රවල අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසද අදාළ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කර සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ’ සමාරම්භක අවස්ථාවට අද (03) පෙරවරුවේ එක්වෙමිනි.
නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව “ඩිජිටල් ආර්ථිකය පණ ගන්වමු” යන තේමාව යටතේ තාක්ෂණ අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) විසින් සංවිධානය කරන ‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය’ නොවැම්බර් 05 වනදා දක්වා පැවැත්වේ.
ඩිජිටල්කරණය පාසල් පද්ධතියට ගෙන යාමේදී ගුරුවරුන්ගේ පුහුණුව වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහයෝගීතා ප්‍රයත්නයක අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එහිදී තාක්ෂණික හා උපාධිධාරී යන මට්ටම් දෙකෙහිම පශ්චාත් පාසල් පුහුණු අවස්ථාවන් ඇති කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ලාභාංශ මත පදනම් වන හෝ ලාභාංශ මත පදනම් නොවන පුහුණු වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී කාර්මික ක්ෂේත්‍රය යම් කාර්යභාරයක් ඉටු කළ යුතු බවයි. එසේම පුහුණු වෘත්තිකයන් සඳහා ඇති ඉල්ලුම සපුරාලීම ඉලක්ක කරමින් ඊට අවශ්‍ය ආයතන පිහිටුවීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඩිජිටල් ආර්ථිකයක් තුළින් ඩොලර් බිලියන 16ක වෙළෙඳපොළ ඉලක්කය සපුරා ගැනීමේ වැදගත්කම හඳුනාගෙන වෙළෙඳපොළ විනිවිද යාම සඳහා උපාය මාර්ගයක් සකස් කළ යුතු අතර වෙළෙඳපොළට පිවිසීම සඳහා හොඳින් සිතා බලා ක්‍රියාත්මක කරන සැලැස්මක අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ලෝකයේ විශාලතම ජෛවමිතික හැඳුනුම්පත් පද්ධතිය වන ආධාර් (Aadhaar) පද්ධතියේ වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් භූ දර්ශනයට එය ඒකාබද්ධ කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. ශ්‍රී ලංකාවට ආධාර් පද්ධතිය ලබාගැනීම ගැනීම වෙනුවෙන් ඉන්දීය රජය සමඟ සිදු කරනු ලබන සාකච්ඡා පිළිබඳ සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජය මගින් ප්‍රතිලාභීන් වෙත අරමුදල් ලබාදීමේදී එවැනි පද්ධතියක් පැවතීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
මෙම සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ සභාපති ඉන්දික ද සොයිසා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අතර පාසල් සිසුන් විසින් තාක්ෂණික ක්ෂේත්‍රයේ සිදු කර ඇති නවෝත්පාදන දායකත්වයන් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.
Politics
Watch : මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න

තමා 2010 වසරේ දී සෞඛ්‍ය ඇමති ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Politics
2027 වනවිට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් පන්තියට යවනවා – සුසිල්

2027 වර්ෂය වන විට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.
මෙරට පෙරපාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතර ම ලොව වෙනත් දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රමවේද අනුව එම පාඨමාලා හා සම්පත්වලට සමගාමී ව සංවර්ධනය කර ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර තලයට රැගෙන යන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මෙරට විද්‍යාපීඨ 19ත් ගුරු විද්‍යාල 8ත් ඒකාබද්ධ කර ගුරු අධ්‍යාපනය සඳහා ම වෙන් වුණු අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන බවත් එමගින් 2027 වර්ෂය වන විට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බවත් අවධාරණය කළේය.විධිමත් වෘත්තීය පුහුණු අවස්ථා ලබාගැනීම මගින් මෙරට හෝ විදෙස් රැකියා ලබාගැනීමට මෙන් ම ස්වයං රැකියාවක නිරත වීමේ පුළුල් ඉඩ ප්‍රස්ථා තවදුරටත් දරුවන්ට විවර කර දීමට සැලසුම් කරඇත.
Politics
ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරනවා – බන්දුල

දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන් වී පවතින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් බිලියන 20කට ආසන්න ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
-
World3 days ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World4 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports4 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News3 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Sports4 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Politics2 days ago
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට
-
Sports4 days ago
වනිඳු හසරංගව බැංගලෝරය ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි