ඩෙන්මාර්ක අගමැතිනිය Mette Frederiksen, එරට කෝපන්හේගන් අගනුවර ජනතාව අතරින් ගමන් කරමින් සිටිද්දී ප්‍රහාරයකට ලක් වී තිබෙනවා.
නාඳුනන පුද්ගලයෙකු ඇය පිටුපසින් පැමිණ අගමැතිනියට පහර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුව ආරක්ෂක නිලධාරීන් විසින් එම පුද්ගලයා පොලිසියට භාරදී තිබෙනවා.
ප්‍රහාරයට ලක්වුණු අගමැතිනියට කිසිදු අනතුරක් සිදු නොවුණු නමුත් මේ සිද්ධියෙන් පසු ඇය දැඩි ලෙස කම්පනයට පත්වූ බව සඳහන්.
මේ වනවිට අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. 2019 වසරේදී අගමැතිනිය ලෙස තේරී පත්වූ 49 හැවිරිදි Mette Frederiksen එරට ලාබාලතම අගමැතිනියයි.