අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යළිත් වරක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහෙත් එහිදී ඔහුට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීහු සමත් වූ බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීම සිදුවූයේ ෆ්ලොරීඩාවේ, බටහිර පාම්බීච් ප්‍රදේශයේ ට්‍රම්ප් නිතර ගොල්ෆ් ක්‍රීඩා කරන ගොල්ෆ් පිටියේ දී බවයි වාර්තා වන්නේ.
වෙඩික්කරු ට්‍රම්ප් ඉලක්ක කර ගනිමින් වෙඩි තබද්දී, සීක්‍රට් සර්විස් හෙවත් ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් ට්‍රම්ප්ට ආරක්ෂාව දෙමින් පෙරළා වෙඩික්කරු වෙත වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා. වෙඩික්කරු අල්ලා ගැනීමට ඔවුන් සමත් වූයේ ඉන් අනතුරුවයි. සීක්‍රට් සර්විස් නිලධාරීන් අල්ලා ගත් වෙඩික්කරු පොලිසියට බාරදුන් බවත් ඔහු සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරනවා.
වෙඩික්කරු කවුරුන්ද යන්න මෙතෙක් පැහැදිලි වී නැති අතර වෙඩික්කරු සමඟ AK 47 ගිනි අවියක්ද ද පොලිස් භාරයට ගෙන ඇතැයි ද පැවැසෙනවා.
මෙවර ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තරඟ වදින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණු දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්වූයේ පෙන්සිල්වේනියාවේ ජනාපධිතිවරණ රැලියක් අමතමින් සිටිද්දී යි. එහිදී එක් උණ්ඩයක් ට්‍රම්ප්ගේ එක් කන් පෙත්තත් තුවාල කළා.