වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් අලිවංගුව ප්‍රදේශයේ මාර්ගය අසල කැලෑ බද ප්‍රදේශයක ගසක එල්ලෙමින් තිබූ නරක් වූ පුද්ගල මල සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මල සිරුර හදුනාගන නොහැකි ආකාරයෙන් නරක් වී ඇති අතර මරනයට නිෂ්චිත හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නොමැත.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)