ආණමඩුව, පෙරියකුලමේ පදිංචි පුද්ගලයෙක් තම පුත්‍රයා සමග විවාහවීමට අපේක්ෂාවෙන් සිටි දැරියක් දූෂණය කර තිබෙනවා.

තම පුත්‍රයා අදාළ 16 හැවිරිදි දැරිය සිය පියාගේ නිවස ආසන්නයේ කුඩා නිවසකට පසුගියදා පදිංචියට පැමිණ තිබුණේ දැරියට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු විවාහවීමේ අපේක්ෂාවෙනි.

ඒ වනවිට සැකකාර පුද්ගලයාගේ බිරිඳ ගැබ්ගෙන සිට ඇති අතර 18 හැවිරිදි පුත්‍රයා ඇයව දින කිහිපයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ගොස් තිබු අතර ඒ අතරතුර ඔහුගේ පියා වරින්වර දැරිය දූෂණය කර ඇත.

පසුව ඇය තරුණයාට මේ පිළිබඳව දැනුම් දීමෙන් පුත්‍රයා කල පැමිණිල්ලට අනුව අත්අඩංගුවට ගත් සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here