

Hot News
තම පෙම්වතියව තවත් පුද්ගලයින්ට අලෙවි කළ පෙම්වතා
තම පෙම්වතියව ලැගුම්හලකට රැගෙන ගොස්, එහි කළමනාකරු සමග එක්ව දින දෙකක් ඇයව කාමරයක රඳවා පුද්ගලයන් සිව්දෙනෙකුට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ ලැගුම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අඟලවත්ත ඕමත්ත පාරේ, ලැගුම්හලක කළමනාකරුවෙකු බවයි.
එමෙන්ම අඟලවත්ත පොලීසිය පවසන්නේ, අදාළ සිද්ධියට සම්බන්ධ පෙම්වතා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවත්ය.
කාන්තාවක් ලැගුම්හලක රඳවාගෙන පුද්ගලයන්ට මුදලට අලෙවි කරන බවට 119 දුරකථන අංකය ඔස්සේ ලද තොරතුරක් මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
අදාළ පරීක්ෂණ අනුව පොලිස් යතුරුපැදි සංචාර නිලධාරීන් සහ ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් එක්ව සිදුකළ පරීක්ෂාවකදී අදාළ කාන්තාව සිය භාරයට ගෙන ලැගුම්හල් කළමනාකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අදාල කාන්තාව ඇඟලුම් සේවිකාවක බවත්, ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධ්කරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අඟලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Hot News
වැල්ලවායේ අනතුරකින් පුද්ගලයකුට බරපතළ තුවාල

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් පහේ කණුව ප්‍රදේශයේ දී යතුරු පැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.
එම අනතුරින් යතුර පැදියේ ගමන් ගත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මෙසේ අනතුරට ලක් වී ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)


Hot News
නව කැලණි පාලම තාවකාලිකව වැසේ

නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.
සිදුකෙරෙන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.


Hot News
අක්‍රීයව පවතින Gmail ගිණුම් ඉවත් කිරීම හෙට සිට ඇරඹෙයි

පසුගිය වසර දෙක තුළ භාවිතා නොකරන අක්‍රීයව පවතින Gmail ගිණුම් මකා දැමීම හෙට (01) දිනයෙන් ආරම්භ කරන බව Google සමාගම පවසයි.
ඒ අනුව Google Drive, Docs, Calendar, Meet, සහ Google Photos යෙදුම්වල ඇති සියලුම අන්තර්ගතයන් පරිශීලකයින්ට අහිමිවනවා.
ගිණුම මකා දැමීමට පෙර පරිශීලකයින්ට දැනුම්දීම් කිහිපයක් යැවීමට නියමිත අතර මේ හරහා නැවත ගිණුම් සක්‍රිය කර ගැනීමට කාලයක් ලබාදෙන බවත් වාර්තා වෙනවා.
-
World3 days ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World4 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports4 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News3 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Sports4 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Politics2 days ago
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට
-
Sports4 days ago
වනිඳු හසරංගව බැංගලෝරය ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි