විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අතර සුවිශේෂී හමුවක් (11) කොළඹ අගරදගුරු නිවසේ දී සිදුවිය.
මෙහිදී ස්වාධීන අභිචෝදක කර්‍යායාලය (Public Prosecutor’s Office) පිහිටුවීම තුළ පාස්කු ප්‍රහාරයේ සත්‍ය පමණක් නොව, නීතීයේ ආදිපත්‍ය ස්ථාපිත කරන බව නැවතත් සපථ කරන ලදී.
තරාතිරම නොබලා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අති උතුම් කාදිනල් මැල්කම් රංජිත හිමිපාණන්ට පොරොන්දු වී තිබෙනවා.