Hot News

තරුණයෙක් ගුවන් පාලමකින් දක්ෂිණ අධිවේගී මාර්ගයට පැන ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම නිසා ධාවනය වෙමින් තිබූ වාහනයක ගැටුණු තරුණයකු වාහනයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම තරුණයා සිය දිවි නසා ගැනීමට මෙලෙස අධිවේගී මාර්ගයට පැන්නාද නැතහොත් වෙනත් පාර්ශවයක් විසින් පාලම මත සිට එම තරුණයා අධිවේගී මාර්ගයට තල්ලු කා ද යන්න පරීක්ෂණයක් ආරම්භ කළ බවයි, අතුරුගිරිය පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ, අතුරුගිරිය වල්ගම සුව මාවත සිසිලස උද්‍යානයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි තරුණයෙක්.

අතුරුගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version