සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහන යටතේ මාස 06 සිට අවුරුදු 05 දක්වා අඩු පෝෂණ තත්ත්වයක් ඇති දරුවන් සඳහා අතිරේක ආහාරයක් වශයෙන් ද ගර්භණී සහ කිරි දෙන මව්වරුන්ට අතිරේක පෝෂ්‍ය පදාර්ථයක් වශයෙන් ද’ ත්‍රිපෝෂ’ ලබා දීම සිදු කරයි.
එහෙත්, 1980 අංක 26 දරන ආහාර පනත යටතේ පවතින රෙගුලාසිවල නියම කර ඇති සම්පූර්ණ ඇෆ්ලටොක්සින් සඳහා වන දැඩි කඩ ඉම් මට්ටම් හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු ලබා ගැනීම දුෂ්කර වී ඇත.
එබැවින්, ජාත්‍යන්තරවපිළිගත් අතිරේක ආහාර වල පවතින ඇෆ්ලටොක්සින් මට්ටම වන Bl වර්ගය සඳහා 5 ppb මට්ටම සහ සමස්ත ඇස්ලාටොක්සින් මට්ටම 10ppb යන කඩ ඉම් මට්ටම් අදාළ කර ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමක කරන ලදී.