Hot News

ත්‍රීරෝද රථයක් බොක්කුවක් මතට පෙරළීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ පසුපස ගමන් ගත් එක් අයෙකු ජිවිතක්ෂයට පත් වි ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා ඇතුළු තවත් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ හැටන් දික්ඔය පුලියාවත්ත ප්‍රදේශයේ පදිංචි ධනපාලන් ක්‍රිෂාන්තන් (27) හැවිරිදි තරුණයෙකි.

(16) දින රාත්‍රි 11.30 ට පමණ සලංකන්ද ප්‍රධාන මාර්ගයේ දික්ඔය පුලියාවත්ත ප්‍රදේශයේදීය.

ත්‍රිරෝද රථයේ රියදුරා බිමත්ව අධික වේගයෙන් මගින් තිදෙනෙකු නවංගෙන ත්‍රිරෝද රථය ධාවනය කරන අවස්තාවේ ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලිමෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

තුවාලකරුවන් අතර රියදුරාද සිටින බවත්, අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි නොවුඩ් පොලිසිය කියා සිටියේ.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version