බේරුවල ධීවර වරායෙන් ත්‍රීවිල් රථයෙන් මත්ස්‍ය අලෙවිය සඳහා මසුන් රැගෙන යමින් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් බේරුවල වෙරළ උද්‍යානයෙන් හමුවෙයි.
අද උදෑසන බේරුවල පොලිසියට ලද තොරතුරක් මත සොයා බැලීමේදී බේරුවල පොලිස් ස්ථානය ඉදිරිපස ඇති බේරුවල වෙරළ උද්‍යානය ආසන්නයේ ගල් බංකුවක් අසල පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බව බේරුවල පොලිසිය ප්‍රකාශ කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා බේරුවල ධීවර වරායෙන් ඔහුගේ ත්‍රිරෝද රථයෙන් මසුන් මිලදීගෙන අලෙවිය සඳහා දිනපතා බේරුවල ධීවර වරායට පැමිණෙන පුද්ගලයෙකු බවත් පොලිසිය එම ස්ථානය පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයා මියගොස් ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ නො. 03 නව නිවාස ,කෙටි පාර ,ගෝවින්න ලිපිනයේ පදිංචි හතළිස් හය හැවිරිදි වස්තුවා හන්නදි කමල් වසන්ත නමැති පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මිය යන්නට ඇති බවට සැක කෙරෙන බව බේරුවල පොලිසිය ප්‍රකාශ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය ඉදිරි විමර්ශන පවත්වයි.
(සම්පත් කුලරත්න – කළුතර)