තායිලන්තයේ පාසල් සිසුන් සහ ගුරුවරුන් පිරිසක් ගමන් කරමින් තිබූ බස් රථයක් ගිනි ගැනීමට ලක්ව 25 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා.
උතුරු බැංකොක් හි අධිවේගී මාර්ගයක ගැටීමෙන් බස් රථය පසුව ගිනි ගෙන ඇති අතර, එම අවස්ථාවේ දී එහි සිසුන් 38 දෙනෙකු සහ ගුරුවරුන් හය දෙනෙකු සිට තිබෙනවා.
16 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි තායි රජයේ ආරංචි මාර්ග පැවසුවේ.
මෙම අනතුරින් ජීවිත අහිමි වූවන්ගේ පවුල් වෙත එරට අගමැති පේටොංටාර්න් ෂිනවත්රා ශෝකය පළකර ඇති බවයි වාර්තා වුණේ