රජයේ නිලධාරීන් තායිලන්තයේ තාවකාලික පැවිද්ද සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ඒ, අනුව තායිලන්ත රජුගේ ජන්ම දිනය මූලික කරගනිමින් දෙරට අතර ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව වෙනුවෙන්ම විශේෂ තාවකාලික පැවිදි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තායිලන්ත රජය මෙම වසරේ සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩසටහන එළඹෙන ජුනි මාසයේ දී දින 15ක් පුරාවට තායිලන්තයේ දි පැවත්වීමට කටයුතු යොදා ඇති බවයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.
එම නිවේදනය පහතින්,