ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද(06) තුන්වැනි දිනටත් සිදු කෙරේ.
අදත් පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇති.
ඒ සඳහා ස්ථාපිත මධ්‍යස්ථාන සංඛ්‍යාව 1,500 අධිකයි.
පෙරේදා දිනයේ තැපැල් ඡන්ද විමසීම ආරම්භ කෙරිණ.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ , අද දිනයේත් තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ලබන 11 සහ 12 ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇති බවයි.
මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව හත් ලක්ෂ 12,319 කි.
මේ අතර, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටආරච්චි මහතා සඳහන් කළේ, තැපැල් ඡන්ද විමසීම සාමකාමීව සිදුවන බවයි.