තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද (05) දිනයේත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද දිනයේදී ත්රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
අද පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා තැපැල් ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතව තිබෙනවා.