තැපැල් සේවක වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් විය.
ඔවුන් පැය 48 ක එම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කළේ නුවර එළිය හා මහ නුවර තැපැල් කාර්යාල විකුණා දැමීමේ සැලසුමට විරෝධය පළ කරමින් ය.
ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ වර්ජනය හේතුවෙන් ලිපි ඇතුළු තැපැල් භාණ්ඩ ලක්ෂ 10 ක් පමණ ගොඩ ගැසී ඇති බවයි.