පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඇමතිවරු බොහෝ පිරිසක් තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කරන ලද ලිපියක් තමන් වෙත ලැබී ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ.
ඔවුන්ගේ ඉල්ලීම තමා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව කථානායකවරයා සඳහන් කළේ ය.
වසර 10කින් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමට අවසර ලබාදී නොමැති බවයි කථානායකවරයා සඳහන් කළේ.
වසර 12කට වඩා පැරණි වාහන බොහෝ පිරිසක් භාවිත කරන බව ද කථානායකවරයා සඳහන් කළේ ය.
මේ අතර මේ වසරේ අග හෝ ලබන වසරේ මුල සිට වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
වාහන ආනයනය සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇති බවයි මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කළේ.