තේ වගාව සඳහා යොදනු ලබන T750, T709 සහ T200 යන පොහොර වර්ග සියල්ලෙහිම මිල රුපියල් 2,000කින් අඩු කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව දැනට වෙළෙඳපොළ තුළ පවතින තේ පොහොර මිල 50% කින් අඩුවෙන බවයි සඳහන් වන්නේ.

T750 සහ T709 තේ පොහොර මිටියක මිල රුපියල් 7,735 ක් දක්වාත්, T200 පොහොර මිටියක මිල රුපියල් 5,500 ක් දක්වාත් අඩු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයට අයත් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම් දෙකට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම පොහොර සහනය කුඩා හා මධ්‍යම පරිමාණ සියලුම තේ වගාකරුවන්ට ලබාදෙන අතර, මහ පරිමාණ තේ වගා කරන සමාගම් සඳහා ඉහත සඳහන් සියලුම පොහොර වර්ග රුපියල් 9,735ක මුදලකට ලබාදීමට ද තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here