හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය ලොව වැසි සියලූම හින්දු ජනයා විසින් අද (15) සමරනු ලබනවා.

පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුරා යාම නැතිනම් පිටාර ගැලීමයි”.

මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙසයි හින්දු ජනතාව විශ්වාස කරන්නේ.

මෙම උත්සවය සෞභාග්‍ය​ය සහ ස්තුති කිරීම හා බැඳී පවතින අතර තම අස්වැන්න සරු විමට උපකා​ර කළ වර්ෂාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කිරීම සඳහා මෙම උත්සවය පවත්වනු ලබන බවයි සඳහන් වන්නේ.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here