ලංකාව බංකොලොත්වීමෙන් පසුව වැටුනු අගාධයෙන් ඉහලට පැමිනෙමින් සිටී.එවැනි තත්වයකදී තෝරාගත යුතුව තිබෙන්නේ රටට සුදුසු ක්‍රමයක් මිස පුද්ගලයකු නොවන්නේය.

ක්‍රමය පැහැදිලි ලෙසම දේශපාලන ආර්ථික රාමුවක් තුල ගොඩනැගෙන තාර්කික රාමුවක් මත ගොඩනැගිය යුත්තක් වන්නේය.

පුද්ගලයා වැදගත් වන්නේ එම දේශපාලන ආර්ථික ක්‍රමය මුලෝපායිකව මෙහෙයවීමටය.

2022 වර්ශයේ දී රට බංකොලොත්භාවයට පත් වු බව අප සියල්ලන්ම දන්නා කරුනකි.

බංකොලොත්භාවය නිසා අපගේ ආර්ථික දේහයද, සමාජ-සංස්කෟතික දේහයද නීතියේ ආධිපත්‍ය ද පෙර අත්දැක නොමැති මට්ටමකට අගාදයකට ඇදවැටී තිබෙන බව අප අත්දැකීමෙන්ම පසක් කොට ගෙන තිබේ.

එම අත්දැකීම හේතුවෙන් සමාජයක් ලෙසද පුද්ගලයන් ලෙසද අප තුල පවතින වේදනාව, පුද්ගලික ඉච්ඡාභංගත්වය හා අපගේ අනාගතය පිලිබදව  පවතින අපේක්ෂාභංගත්වය දරාගත නොහැකි මට්ටමකට පැමින තිබෙන බවද ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයක් වන්නේය.

මෙවැනි අසීරු අවධියකදී අප රටට විසදුම් සෙවීමේදී තර්කනයට හා ප්‍රායෝගිකත්වයට මිස ආවේගයන්ට මුල් තැනදී කටයුතු නොකිරීමට වගබලා ගතයුතුව තිබේ.

පැවතුන අසීරු තත්වයන් මධ්‍යයේ වුවද අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ පත්ව තිබු අගාධයෙන් තවත් අගාධයට යාම නවත්වා ගන්නට සමත්ව තිබෙන්නේය.

එය අපට මගහැර යා නොහැකි සත්‍යයකි.

විවිධ පර්යේෂණ වාර්ථා මගින් සමාජය තුල පවතින බහුවිධ අවදානමකට ලක්වු ජනප්‍රජාවන් පිලිබදව වාර්තා කෙරුනද රජයේ මැදිහත්වීමේ ප්‍රතිපලයක් ලෙස ජනතාවගේ මුලික අවශ්‍යතා සහ වර්ධනීය අවශ්‍යතා කෙරෙහි බලපා තිබු බරපතල අවධානම බොහෝ දුරට අවම කරලීමට  සමත්ව තිබෙන්නේය. නුමුත් තවමත් පීඩනයට හා අසරන භාවයට පත්වු විශාල කන්ඩායමක් සිටින්නේය.

එයද අවිවාදිත සත්‍යයකි.

2024 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වසර මැද වාර්ශික මුල්‍ය වාර්තාව මගින්ද ලාංකික ආර්තිකය පෙන්නුම් කරන ප්‍රගතිය සනිටුහන් කොට තිබේ. එම වාර්ථාවට අනුව රින 9.5 ක පැවති ආර්ථිකය රින 5 දක්වා ඔසවා තබන්නට වර්තමාන රජයට හැකිවී තිබේ.

එය බංකොලොත් රටක් තුල කලාතුරකින් සිදුවන ආශ්චර්‍යයකි.

රනිල් වික්‍රමසිංහ අනුප්‍රප්තික ජනාධිපතිවරයා විසින් අගාධයක තිබුන රටේ ආර්තිකය වර්ථමාන සාධනීය තත්වයට ගෙන ඒම පිලිබදව ලාංකික සමාජයේ අවධානය යොමුව යුතුව තිබේ. එය හොරුන් ආරාක්ෂාකරන රනිල් යන හංවඩුව තුලින් යටපත් කල නොහැකි වන යථාර්තයකි.

එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකගතාවය ඇති කර ගැනිම සදහා උපයෝගි කරගත් දෟෂ්ඨිමය ප්‍රවිශ්ඨය මෙන්ම එ මත රටේ ප්‍රාථමික ගිනුම හා ජංගම ගිනුම ප්‍රායෝගිකව කලමනාකරනය කරන ලද අයුරු ප්‍රධාන වන්නේය.

රජයේ ආදායම් වැඩිකරගැනීම සදහා අනුමනය කරන ලද බදු ප්‍රතිපත්තිය කටුක වුවද අසරනවු ආර්ථිකය ගොඩනගන්නට ඊට විකල්ප වැඩපිලක් නොමැති බව අප තේරුම් ගත යුත්තකි.

මෙවර ජනාධිපතිවරනයෙන් පත්වන ජනාධිපතිවරයා කවරෙකු වුවද ඔහුගේ ආයු කාලයෙන් වසර 3 ක කාලයක් IMF සමග එකගවු විස්තීරන නය ගිවිසුම සමග ගත කරමින් වැල් පාලම මත ඉදිරියට යායුතුව තිබෙන්නේය.

එම නිසා දැනට පවතින IMF ගිවිසුම හරයාත්මකව හෝ කාර්යපටිපාටිකව වෙනස් කිරීමට කිසිම පාර්ශවයක් අතනොගැසිය යුත්තක් වන්නේය.

ඉන් අනතුරුව තවත් වසර 2 ක් එම ජනාධිපතිවරයාටම විදේශ නය ගෙවීමේ ආරම්ක අවධියට මුහුනදීමට සිදුවන්නේය.

රට නැවත බංකොලොත්භාවයට පත්වීම හෝ නොවීම සිදු වන්නේ මෙම අවධිය තුලදීය.

එසේ නොවන්නට නම් එකී පලමු වසර 3 තුල ප්‍රාථමික ගිනුමේ ශේෂය 2.5% ක පවත්වා ගත යුතු අතර රටේ ආදායම ද.දේ.නි. න් 14% ක දක්වා ඉහල නංවා ගත යුතුව තිබේ.

එය එසේ නම් අනුර හෝ සජිත් දැනට කියන සුභසාධණ වැඩපිලිවල් හෝ ආදායම් කපා හැරීම් කිසිසේත් කල හැක්කක් නොවේ.

අනෙක් අතට 2028 දී නැවත නය ගෙවන්නට නම් රටට අවශ්‍ය විදේශීය සංචිත දැනට පවතින ඩොලර් බිලියන 6 ක ප්‍රමානය තුන් ගුනයකින් වැඩි කර ගන්නා අතරම දල රාජ්‍ය වියදම 2028 වන තෙක් 13% ක පවත්වා ගෙන යායුතුව තිබේ.  2028 දී නය පොලිය වන 4% එයට එකතුවු කල එම දල රාජ්‍ය වියදම 18% ක පවත්වා ගත යුතුව තිබේ.

මෙය සිදු කල හැක්කේ අපනයන වෙළදාම විශාල ප්‍රග්ධාන ආයෝජනයක් නොමැතිව සිදු කිරීමෙන් පමනක් වන්නේය.

එය එසේ වන්නේ නිදහස් වෙළද ගිවිසුම් හා සෟජු විදේශ ආයොජන රටට ගෙන්වා ගන්නට ඇති හැකියාව මතය.

මාලිමාවේ නිදහස් වෙළද ගිවිසුම් වලට එරෙහි ප්‍රතිපත්තිය හෝ ආර්ථිකය ප්‍රජාතන්ත්‍රවාදී කිරීමේ ප්‍රතිපත්තිය රට විසින් අනාගතයේදී උපයාගත යුතුව තිබෙන අවස්තාව නිශේදනය කර ගැනීමට හේතු වනු නියතය.

එසේම සජිත් විසින් සිය පියානන් අනුගමනය කල ග්‍රාමීය කර්මාන්ත ප්‍රතිපත්තිය මේ සදහා වන විකල්පය නොවේ. එසේම කර්මාන්ත පුර පිහිටුවීම අපට ඇති විසදුම නොවන්නේය.

IMF ගිවිසුම අහොසිවීම හෝ එම ගිවිසුම් තර්කයන් ගෙන් යම් හෙයකින් බැහැරවීම රට තුල ද්‍රවශීල අරබුදයක් ඇති කිරීමට හේතු වනු ඇත.

එසේ බිදවැටෙන්නෙ නය තිරසරභාවය කඩාබිදවැටීම හේතුවෙනි.

මෙවන විට රටේ සාර්ව පොදු මුල්‍ය ඉලක්ක පනත් 4ක් මගින් රටේ නීතියක් බවට පත්ව තිබේ. ඒවායෙන් බැහැර වීමට නම් අනාගත ජනාධිපති වරයා එම නීති සංශෝදනය කල යුතුව තිබේ. එසේ බැහැර වන්නට සිදු වන්නේ ජනාධිපතිවරයා එම නිල ආර්ථික ඉලක්ක වලින් බැහැරවී සුබසාධන රාජ්‍යයක් ගොඩනගන්නට ගිය කල්හිය.

අපට ඉදිරියේ කිසිදු විකල්පයක් නැත.

එම නිසා රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති වරයා 2022 සිට වැල් පාලම මත අරඹු ගමනෙහි ඉතිරි කොටස ජනතාව විසින් පත් කරගත් ජනාධිපති වරයා ලෙස ගමන් කොට අවසන් කල යුතුව තිබේ.

එය සත්‍යයක් නම් එම වැල්පාලමේ ගමන් කිරීමට තවත් නවකයකු අවශ්‍ය වන්නේ නැත.

එම නිසා ජනතාවට ඇති විකල්පය ඉතිරි ටිකත් යන්නට රනිල් තෝරා ගන්නටය. එය තාර්කික තෝරා ගැනීමක් වන්නා සේම රටට හිතකර තෝරා ගැනීමක්ද වන්නේය!

(නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here