Sports
දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

ඊයෙ නිමා වූ (10-27) සමස්ත ලංකා පාසල් මලල ්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි කරුණාරත්න තමා පාසල් ක්‍රීඩා දිවියට සමු දුන්නා.
දින පහක් පුරා තරගාවලිය පැවැත්වුණේ සුගතදාස ක්‍රීඩා පිටියේදී දිස්ත්‍රික් මට්ටමෙන් තේරී පත්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500 කට අධික ප්‍රමාණයක් මෙහිදී ක්‍රීඩා කලා.වයස් කාණ්ඩ හතරකින් තරග පැවැත් වුණා
තරඟාවලියේ බස්නාහිර පළාත දිනාගත් අතර මධ්‍යම පළාත අනුශූරයන් වුණා තුන්වැනි ස්ථානයට පත් වුණේ දකුණු පලාතයි.
මෙහිදී බාලක ශූරතාවය මීගමුව මාරිස්ටෙලා විදුහල දිනාගත් අතර නු ශූරයන් වූයේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල තුන්වන ස්ථානය ොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ දිනාගත්තා
බාලිකා ශූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල දිනා ගත්තා අනු ශූරියන් වූයේ වළල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය කණ්ඩායමයි.
තුන්වන ස්ථානය උඩු බුලත් ගමුව අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ දිනාගත්තා.
තරගාවලියේ ක්ෂතම ක්‍රීඩකයා වූයේ කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ තුන් පිම්මෙන් නව වාර්තාවක් තැබූ k v m යසිරු
ජාත්‍යන්තර ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න වලල ඒ රත්නායක මහා විද්‍යාලය නියෝජනය කරමින් මීටර 400 ඉසව්වේ නව වාර්තාවක් තබමින් දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වුණා.
තරගාවලිය පුරා නව තරග වාර්තා විසිතුනක් බිහිවී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් තරගාවලිය පැවැත්වූ අතර කුසලාන ප්‍රදානයට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද එක් වුණා.
(නිරෝෂන් කොළඹ)
Hot News
තරුෂි හිටපු ජනපති හමුවෙයි

චීනයේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 800 තරඟයෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනාදුන් තරුෂි කරුණාරත්න ඊයේ (07) හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී හමුවී තිබෙනවා.
එහිදී හිටපු ජනපති ඇය සමග සුහද පිළිසඳරක නිරත වී තිබෙනවා.
Hot News
සනත් ජයසූරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන්න යන විශේෂ තනතුර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ සනත් ජයසූරිය මහතා අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් සඳහන්.
Sports
එංගලන්ත ක්‍රීඩක Harry Brook සමාජ මාධ්‍යවලින් ඉවත් වෙයි

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක Harry Brook සිය ජංගම දුරකථනයේ තිබෙන සියලුම සමාජ මාධ්‍ය යෙදවුම් ඉවත් කර දමන්නට තීරණය කර තිබෙනවා.
Harry Brook පවසන්නේ , ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍ය යහපත් මානසික සෞඛ්‍ය ගොඩනැගීමට අවශ්‍ය වූ බැවින් තමන් සමාජ මාධ්‍යයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.
-
Hot News4 days ago
කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි
-
Hot News3 days ago
කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග
-
Hot News4 days ago
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල සීඝ්රයෙන් පහළට
-
Hot News5 days ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
World4 days ago
විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් – තිදෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News17 hours ago
Watch : පාසල් සිසුවියන් මත්පෙති ගන්න මුදල් සොයන අලුත්ම විදිය ගැන අනාවරණයක්
-
Hot News3 days ago
Watch : කොස්ලන්දට ආ අලියා කොස් කන්න ගහට නැගපු හැටි මෙන්න
-
Hot News4 days ago
ඇමෙරිකානු YouTube තරුවකට මාස 06ක සිර දඬුවමක්