2023 කුසලාන ක්රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව අද පැවති තරගය ලකුණු 190කින් ජයගැනීමට දකුණු අප්රිකා කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.
ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 357ක් රැස් කරගැනීමට දකුණු අප්රිකාව සමත්විය.
ලකුණු 358ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත පිතිකරුවන් පන්දුවාර 35යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 167ක් පමණි.
නවසීලන්තයට එරෙහිව ප්රබල පන්දු යැවීමක නිරත වූ Keshav Maharaj ලකුණු 46කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.