විස්සයි විස්ස තරගයක දී පළමු වරට දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කරන්නට අයර්ලන්තයට ඊයේ (29) හැකියාව ලැබුණා.

අබුඩාබිහිදී පැවති මෙම තරගය දකුණු අප්‍රිකාව පරාජය කරමින් අයර්ලන්තය ජය ගත්තේ ලකුණු දහයකින්.

තරගයේ පළමුවට පන්දුවට පහරදුන් අයර්ලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු හයකට ලකුණු 195ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 185ක් පමණයි.

ඒ අනුව මෙම තරගය ලකුණු 10කින් ජයගෙන අයර්ලන්ත විස්සයි විස්ස පිටියේ පළමුවරට දකුණු අප්‍රිකාව පරාජය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here