දකුණු කොරියාවේ විපක්ෂයේ නායක Lee Jae-myungට පිහි ඇනුමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
දකුණු දිග වරාය නගරයක් වන Busanහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මෙය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඔහුගෙන් අත්සනක් ලබාගැනීමේ මුවාවෙන් විපක්ෂ නායකවරයා වෙත පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.
ප්‍රහාරයෙන් පසුව ඔහුව ඉක්මනින් ඔහු රෝහල්ගත කළත්, ඒ වන විට ඔහු සිහිසුන්ව සිට ඇති බවයි වාර්තා වෙන්නේ.
නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.