දකුණු පිලිපීනයේ රිච්ටර් මාපකයේ 6.7 ක ප්‍රබලත්වයකින් යුක්ත භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා.
භූමිකම්පාව 60 km (37.3 සැතපුම්) ගැඹුරින් ජෙනරල් සැන්ටොස් නගරය ආසන්නයේ Mindanao වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ ඇති වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කඳුකරයේ පුළුල් ප්‍රදේශයකට භූමිකම්පාව දැනී ඇති අතර ජිවිත හානි වාර්තා වී නොමැති බවයි.