ඉදිරි පැය 03 සිට 24 දක්වා කාලය තුළ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ හා මධ්‍යම ධාරා ප්‍රදේශවලට වර්ෂාව වැඩිවීම හේතුවෙන් මෙම ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.
ඒ, අනුව අකුරැස්ස, කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, දෙවිනුවර සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට එම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.