බගවන්තලාව සමනල රක්ෂිතයේ දර සෙවිමට ගොස් අතරමංව සිටි 59 හැවිරිදි පුද්ගලයෙකු නිරුපද්‍රිතව රක්ෂිතය තුල සිටියදි සොයාගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.
බගවන්තලාව ටින්සින් වතුයායේ පදිංචි 59 හැවිරිදි තිදරු පියෙකු (05) දින පස්වරුවේ පදිංචිව සිටින නිවසට ඉහලින් පිහිටි සමනල රක්ෂිතයට දර සෙවිමට ගොස් ඇති අතර, දරු සෙවිමට ගිය පුද්ගලයා ආපසු නිවසට නොපැමිණි නිසා තිදරු පියාගේ දරුවන් සහ එම වතුයායේ පදිංචිකරුවන් එක්ව (05) දින සමනල රක්ෂිතයේ සොදිසි මෙහෙයුමක් දියත් කලත් අතුරුදහන් වු පුද්ගලයා සොයා ගැනිමට නොහැකි විය.
බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ වතුයායේ පදිංචිකරුවන් එක්ව (06) දින උදැසන එම රක්ෂිතයේ සිදු කල සොදිසි මෙහෙයුමකදි අතුරුදහන්ව සිටි පුද්ගලයා ආපසු නිවසට පැමිණිමට මාර්ගය සොයාගැනිමට නොහැකිව රක්ෂිතය තුල සිටියදි සොයාගෙන ඇත.
(05) දින රාත්‍රියේ තිදරු පියා රක්ෂිතය තුල අතරමංව සිටි අවස්තාවේ කුඩැල්ලන් ශරිරය පුරා ලේ උරාබිම නිසා සහ ඔහු විජලන තත්ත්වයෙන් සිටි නිසා තිදරු පියාව බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.