හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළට ඉකුත් (11) දින පැන සියදිවි හානි කරගත් චන්ද්‍රසේකරන් සුරේෂ් (28) නැමති එක් දරු පියා සියදිවි හානි කර ගැනිමට ප්‍රථම කිසියම් පිරිසක් පහර දි ඇති බවත්, එම පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් මියගිය අයගේ ඥතින් සහ වතු කම්කරුවන් පිරිසක් (14) දින දේහය ප්‍රධාන මාර්ගයේ පැයකට ආසන්න කාලයක් තබා ගනිමින් විරෝධතාවයක් සිදු කලහ.
අධික ලෙස බිමත්ව සිටි චන්ද්‍රසේකරන් සුරේෂ් යන අය ඉකුත් (11) දින හැටන් නගරයට පැමිණ අධික ලෙස බිමත්ව සිටියදි කිසියම් පිරිසක් ඔහුට පහර දි ඇති බවත්, ඉන් අනතුරුව බස් රථයකින් නිවස කරා යමින් සිටි ඔහු සිත් තැවුලට පත් ව දික්ඔය ඇළට පැන සිය දිවි හානි කරගෙන ඇති බවයි ඥාතින් සහ වතු කම්කරුවන් චෝදනා කර සිටියේ.
ඉකුත් (11) දින පස්වරු 6 ට පමණ චන්ද්‍රසේකරන් සුරේෂ් යන අය දික්ඔය ඇළට පැන ඇති අතර , පසුව හැටන් පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව දික්ඔය ඇළෙහි තිබි සිරුර ඉකුත් (12) දින ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබුණි.
දේහය හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ඔස්බොන් වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දේහය පැයකට ආසන්න කාලයක් මාර්ගයේ රදවා විරෝධතාවය නියැලිම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය.
(හැටන් රංජිත් රාජපක්ෂ)