Hot News

දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි

ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය මුහුණ සහ ගෙල මත සිදුවූ පීඩනයක් මත සිදුව ඇති බවට වෛද්‍ය වාර්තා මඟින් හෙළිදරව් වී ඇති බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළා.

ඒ අනුව සිද්දියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.

මරණ පරීක්ෂණයේදී ඔප්පු වූ වාර්තාව, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණය විසින් පත් කරන ලද පංච පුද්ගල එම කමිටුව විසින් වාර්තාවක් ඉදිරිපත් කළ බව වාර්තා වන අතර ඒ අනුව මෙම සිද්ධියෙන් අපරාධයක් අනාවරණය වන බව සඳහන් වනවා.

ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණ වෛද්‍ය නිලධාරිනිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාට නියෝග කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

1 Comment

  1. Mahimda Godakandaarachchi

    November 1, 2023 at 9:55 pm

    Yes. I think that’s a murder. Behind the murder I think there is an underhand deal probably in Cash. May be to mislead or cover up the deal he may have been killed. Dinesh is a pleasant person but their business is not genuine.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version