යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී දින 40 ක් වයසැති කුඩ දැරියක් කිරි උගුරේ සිරවීමෙන් ඊයේ (26) දින මිය ගොස් ඇතැයි තෙලිප්පලෙයි පොලීසිය පැවසීය.
ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි මවක විසින් දින 40 ක් වයසැති සිය දියණියට කිරී දී ඇඳෙහි තබා ඇති අතර පසුව ස්වල්ප වේලාවකින් දියණියගේ ප්‍රතිචාරයක් නොමැති වීමෙන් පරික්ෂා කෙට එම අවස්ථාවේදීම තෙලිප්පලෙයි රෝහල වෙතට රැගෙන යාමට පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත් රෝහල වෙතට රැගෙන එන විටත් දැරිය මිය ගොස් සිට ඇති බවට රෝහල් වෛද්‍යවරුන් දැනුම් දි තිබුණි.
අනතුරුව දැරිය මරණය සමබන්ධයෙන් සිදුකල මරණ පරික්ෂණ වාර්ථාවෙන් අනවරනය වී ඇත්තේ දැරියට කිරි උගුරේ සිරවීමෙන් හුස්ම ගැනීමට අපහසු වී මෙම මරණය සිදුව ඇති බවටය.
(වන්නි රොමේෂ් මධුෂංක)