Hot News

දියවැලකට හසු වී ගසාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු බේරා ගැනේ

වැලිගම මිරිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගොස් දියවැලකට හසු පුද්ගලයන් දෙදෙනෙකු (9) දින පස්වරුවේදි නිර්පද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළ බව කොටවිල පොලිසිය පවසයි.

ගාල්ල ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයන් හතර දෙනෙකු වැලිගම මිරිස්ස වෙරළ තීරයේ දිය නාමින් සිට තිබේ.
එම අවස්ථාවේදී ක්ෂණිකව ඇතිවූ දියවැලකට හසුවී දෙදෙනෙකු ගොඩබිම සිට මීටර් 100ක් පමණ ගැඹුරු මුහුද දෙසට ගසාගෙන යමින් සිට තිබිණි .

එවිට ඔවුන් දෙදෙනා බේරාගන්නා ලෙස ආධාර ඉල්ලා දෑත් ඔසවමින් කෑ ගසා තිබේ.

එහිදි වෙරළේ ජීවිත ආරක්ෂක රාජකාරියේ කටයුතු සදහා යෙදී සිටි පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් එම පුද්ගලයන් දෙදෙනා නිර්පද්‍රිතව බේරා ගැනීමට සමත්ව තිබේ.

අනතුරුව ගොඩබිමට ගෙන එන පසු අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදීමට කටයුතු කල බව පොලිසිය කියයි.

එම පුද්ගලයන් ගාල්ල හපුගල ප්‍රදේශයේ පදිංචි වයස 25 වන මෘතුකාංග ඉංජිනේරුවරයකු සහ ගාල්ල කලේගාන ප්‍රදේශයේ පදිංචි වයස 20 වන විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු බව පොලිසිය කියයි.

පොලිස් නාවික කොට්ධායේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී කේ.එන්. ගුණවර්ධන මහතාගේ හා කොටවිල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.වි.එම්.ඒ කරුණාරත්න මහතාගේ හා මිරිස්ස සංචාරක පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පොලිස් කොස්තාපල්වරුන් වන ( 20373 ) ලහිරු මහතා සහ (19407 ) ලක්ෂාන් යන නිලධාරින් විසින් දියේ ගිලීමට ලක්වූ පුද්ගලයන් දෙදෙනාගේ ජීවිත බේරා ගැනීමට සමත් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version