මුලතිව්,පුදුකුඩිඉරිප්පු,කයිවේලි ප්රදේශයේ ඇළක ගිලීමෙන් පුද්ගලයෙකු ඊයේ(12) ජිවිතක්ෂයට පත්ව ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ කුඹුරුවලට ජලය ලබා ගන්නා ඇළක ගිලීමෙන් මුලතිව්,දේවිපුරම් ප්රදේශයේ පදිංචි 57 හැවිරිදි මුනිසාමි තිරුචෙල්වම් නමැති පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
අදාළ ස්ථානය පරීක්ෂා කිරීම මුලතිව් මහේස්ත්රාත් ධර්මලිංගම් ප්රදීපන් මහතා ඊයේ(12) සිදුකළ අතර, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලට යොමුකොට තිබිණ.
මියගිය පුද්ගලයා ඇළ මාර්ගයේ බෝක්කුවක් පැවති ස්ථානයේ දියනෑමට ගිය අවස්ථාවේ දියේ ගිලෙන්නට ඇති බව මුලිකව නිරීක්ෂණය වි ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවයි.
(වවුනියාව මාධව කුලසූරිය)