දිවුලපිටිය පොලිස් ස්ථානයේ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති නිහාල් මහතාට ලැබුණු තොරතුරක් මත දිවුලපිටිය නගරයේදී පුද්ගලයෙක් පරික්ෂා කිරීමේදී ඔහු ළඟ තිබේ ගජමුතු දෙකක් සොයා ගැනීමට දිවුලපිටිය පොලිසියට හැකිවිය.

මෙම සැකකරු පුද්ගලයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ දිවුලපිටිය ප්‍රදේශයේ පුද්ගලයකුට මෙම ගජමුතු 2 දෙක ලක්ෂ 53 ට අලෙවි කරන්න ආපු බවයි.

මෙම පුද්ගලයා රත්නපුරේ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

මෙම සැකකරු පොලිස් ඇප මත මුදා හැරි බව පොලිසිය පවසයි.

2023-12-05 පස්වෙනි දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here