දිවුලපිටිය නගරයේදී යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයකු අවුරුදු 26ක කාන්තාවකට පිහියෙන් ඇන පලාගොස් තිබෙනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතා සහ නිලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වද්දී පිහි ඇනුමෙන් තුවාල වූ කාන්තාවගේ අනියම් පුරුෂයා විසින් මෙම සිද්ධිය කර ඇත.
පුරුෂයා සහ කාන්තාව ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් දැනට තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් දිවුලපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරියකු පවසයි.
මෙම අනියම් පුරුෂයා කාන්තාවගේ බඩ ප්‍රදේශයට සහ පපුවට පිහියෙන් ඇන ඇති බව දිවුලපිටිය පොලිසියෙන් පවසයි.
පිහියෙන් ඇන පුද්ගලයා මේ වනවිට ගමෙන් පලාගොස් ඇති බව දිවුලපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති හේමා ලියනගේ මහතා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදා ඇති බව දිවුලපිටිය පොලිසිය පවසයි.
මෙම ඡායාරූපයේ ඉන්න පුද්ගලයා ඔබ දන්නවා නම් ළඟම ඇති පොලිසියට සහ මෙම දුරකථන අංකයට දැනුම් දෙන ලෙස (071-8594234) දිවුලපිටිය පොලිසිය මහජන සහාය පතයි.
(මිනුවන්ගොඩ දමිත් තිසර)